උණුසුම් පුවත්

බස් ගාස්තු ගැන අද තීරණයක්..

ඩීසල් මිලට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව අද දින එම කොම්ෂන් සභාව රැස් වී ඉන්ධන මිල අඩු කිරීම ගණනය කර අදාළ තීරණය ප්‍රකාශයට පත් කරනු ඇති.
කෙසේ වෙතත් ඩීසල් මිල පහළ දැමුණද බස් ගාස්තු අඩු කළ නොහැකි බවයි පෞද්ගලික බස් සංගම් ප්‍රකාශ කළේ.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කලේ මිල අඩු කිරීමක් ජුලි මාසයේ සිට සිදුකල හැකි බවයි.
පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියළු ඉන්ධන මිළ ගණන් අඩු කිරීමට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page