පින්නවල එළිමහත් සත්වෝද්‍යානයෙන් ලැබු ආදායම ඉහල ගොස් තිබෙනවා.
එය රුපියල් කෝටි 4 ඉක්මවා ඇති බවයි එහි නියෝජ්‍ය අධ්යක්ෂ මිහිරන් මැදවල මහතා කියා සිටියේ.
සත්වෝද්‍යානය නැරඹීම සඳහා සංචාරකයින් විශාල පිරිසක් පැමිණ තිබෙනවා.
මෙම වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා සංචාරකයින් 52,000ට වැඩි පිරිසක් එහි පැමිණ ඇති බව සදහන්.
පින්නවලදී උපන් බරණ නමැති නව අලි පැටවා දැකබලා ගැනීමට ද දෙස් විදෙස් සංචාරකයින් පැමිණි බවයි ඒ මහතා කියා සිටියේ.
මේ වනවිට සත්වෝද්‍යානය තුළ වන සතුන් 350කට වැඩි සංඛ්‍යාවක් නැරඹීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.
Leave feedback about this