උණුසුම් පුවත්

බැසිල් රාජපක්ෂගේයැයි කියූ අයිතිකරුවකු නැති මල්වානේ නිවස ගව පට්ටියකට..

දැඩි ආන්දෝලනයක් ඇති කළ බැසිල් රාජපක්ෂ මහතාගේ බව කියන ගම්පහ මල්වානේ නිවස ගව පට්ටියකට ලබා දෙන ලෙස අධිකරණ අමාත්‍යංශය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ත්ව ගොවිපොළවල රාජකාරි සිදු කළ පශු සම්පත් නිලධාරියකු විසින්.
ඝාතකාගාර වලින් නිදහස් කරගත් ගවයන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව සඳහන්.
ගව ඝාතකාගාර වලින් නිදහස් කරගන්නා කිරි දෙනුන්ට හා වැස්සියන්ට ආහාර හා ඖෂධ ලබාදී රැක බලාගැනීම වෙනුවෙන් ඔහු මෙම ඉල්ලීම කර තිබෙනවා.
අධිකරණ තීන්දුවක් මගින් මල්වානේ එම දේපළ රාජසන්තක කර ඇති බව සඳහන්.
කෙසේවෙතත් එම යෝජනාව අමාත්‍යංශයේ නීති අංශය වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ මතය විමසා ඉදිරි ක්‍රියාමාර්ගවලට යොමුවනු ඇති.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page