උණුසුම් පුවත්

ගාසා තීරයේ හැම විනාඩි දහයකටම දරුවෙක් මිය යනවාලු..

යුද ගැටුම් බලපෑම හේතුවෙන් ගාසා තීරයේ සෑම විනාඩි 10 කට වරක් දරුවකු මියයන බවට අනාවරණ වී තිබෙනවා.
පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය විසින් මෙම තොරතුරු හෙළි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
දෛනිකව විවිධාකාරයෙන් තුවාල සිදුවන දරුවන් සංඛයාවද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍යමය ගැටලු ඇතිවන ළමුන් සංඛ්‍යාව ද ඒ අතර වන බව සඳහන්.
යුද්ධය හේතුවෙන් මේ වන විට පලස්තීන ජාතිකයන් 34,049 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් පුද්ගලයන් 76,901 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page