විදේශීය

බෝතල් කළ ජලයේ පිලිකාකාරක.. කොලොම්බියා සරසවිය කියයි..

බෝතල් කළ ජලය සෞඛ්‍යයට අහිතකර වන අතර ලීටරයේ ප්ලාස්ටික් වතුර බෝතලයක නැනෝ ප්ලාස්ටික් පිළිකාකාරක අංශු දෙලක්ෂ 40,000ක් අඩංගු බවට අනාවරණය වනවා.
අමෙරිකාවේ කොළොම්බියා සරසවියේ විද්‍යාඥයන් පිරිසක් සිදුකල පරීක්ෂණයක් මඟිණුයි  මේ බව හෙළිව ඇත්තේ.
ඒ අනුව බෝතල් කර ඇති එක් ජල ලීටරයක නැනෝ ප්ලාස්ටික් අංශු එක්ලක්ෂ 10,000 සිට හාරලක්ෂය දක්වා පවතින බව සදහන්.
එහි ඇතුලත් විස අංශු ප්‍රමාණය දෙලක්ෂ 40,000ක් බවටයි අනාවරණය වන්නේ.
එම විද්‍යාඥයන් පිරිස පෙන්වාදෙන්නේ ප්ලාස්ටික් බෝතලයකින් ජලය පානය කිරීමෙන් සිරුරට අහිතකර කුඩා පිළිකාකාරක අංශු ඇතුලත් වන බවයි.
තවද නැනෝ ප්ලාස්ටික් අංශු ඉතාමත් විසකර රසායනික ප්‍රභේදයක් වන අතර ඒවා ඉතා ඉක්මනින් සිරුර වෙත ඇතුළුවීමේ හැකියාවක් පවතින බවයි ඔවුන් වැඩිදුරටත් කියාසිටියේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page