දේශීය

ආදි වාසීන් වෙනුවෙන් නව පනතක්..

ආදිවාසී ජනතාවට දීර්ඝ කාලීනව පවතින ගැටළු රැසකට විසදුම් ලබාදීම කෙරෙහි අවදානය යොමුව තිබෙනවා.
ඒ සදහා නව රෙගුලාසි පද්ධතියක් සහ නව පනතක් සකස් කිරීමේ කටයුතු සැලසුම් කර ඇති බවද සදහන්.
එම කටයුතු ජනවාරි 23 වැනිදා  වන විට අවසන් කරන ලෙසයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇත්තේ.
ආදිවාසී ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සදහා අවශ්‍ය නීතිමය රෙගුලාසි සකස් කිරීම සදහා විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකවරයාගේ මුලිකත්වයෙන් කමිටුවක් ද පත් කර තිබෙනවා.
එම කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වු අවස්ථාවේදීයි අධිකරණ අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.
පවතින නීති පද්ධතියට අනුකූලව ආදිවාසී ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට අදාල රෙගුලාසී ඇතුළත් ගැසට් පත්‍රය පළ කිරීමට කටයුතු කරන ලෙස ද අධිකරණ අමාත්‍යවරයා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බවද සදහන්.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ද මෙම  අවස්ථාවට සහභාගී සිටියා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page