දේශපාලන

මැතිවරණ කොමිෂන් සභාවේන් විශේෂ නිවේදනයක්

මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කොමිෂන් සභාව සදහන් කලේ 2007 වසරේ ජනවාරි 31 වනදාට පෙර උපන් ශ්‍රී ලාංකිකයෙකු නම් වහා ඡන්ද හිමි නාමලේඛණය පරීක්ෂා කරන ලෙසයි.
ග්‍රාම නිළධාරිවරයාගේ සහය ඇතිව ඡන්ද ලැයිස්තුවේ තම නම තිබේදැයි වහා පරීක්ෂා කරවා ගන්නා ලෙස එම කොමිසම දැනුම් දෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිස එය පරීක්ෂා කරගත හැකියි.
මේ අතර එළඹෙන මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් හිමි ලියාපදිංචි පුද්ගලයින්ගේ නාමලේඛණය මේ වනවිට සකස්කර අවසන් බවයි එම කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page