උණුසුම් පුවත්

රජයේ විධායක නිලධාරින් ලෙඩ වීමට යයි..

අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබෙනවා.
ඒ, වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින්.
ඊට සමගාමීව අද දිනයේ කොළඹදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වෙන බවයි එම සංගමය සදහන් කලේ.
18,000 ක් පමණ වන විධායක නිලධාරීන්ට බලපා ඇති වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා රජය මෙතෙක් කටයුතු කර නොමැති බවට ඔවුන් චෝදනා කලා.
මේ වන විට සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කටයුතු වලින් රජයේ විධායක නිලධාරීන් ඉවත්ව ඇති බව සදහන්
දේශපාලඥයින් විසින් කැඳවනු ලබන රැස්වීම්ද වර්ජනය කර ඇති බවයි රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව වැඩිදුරටත් සදහන් කලේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page