උණුසුම් පුවත්

රන් ජාවාරම්කරුවෙක් අත්තඩංගුවට..

නීතිවිරෝධී ලෙස රත්‍රං ඉන්දියාවට රැගෙන ගිය ශ්‍රී ලාංකීකයෙකු බැංගලූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලෝවකට අධික එම රත්‍රංවල වටිනාකම රුපියල් ලක්ෂ 65 ක් බව සඳහන්.

33 න් හැවිරිදි මෙම සැකකරු ගල්ෆ් ගුවන් සේවයට අයත් යානයකින් ඉන්දියාවට පැමිණ ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඔහු නිරන්තයෙන් ඉන්දියාව සහ ගල්ෆ් කලාපීය රටවල සංචාරය කරමින් අදාළ රන් ජාවාරම සිදු කර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

පසුගිය පෙබරවාරි මස 27 වනදා බැංගලූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ දී රුපියල් ලක්ෂ 25ක් වටිනා රත්‍රං සමඟ කාන්තාවක් ද අත්අඩංගුවට ගනු ලැබුවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page