ගොසිප්

නාටු නාටු ඔස්කාර් හොඳම ගීතයට තේරෙයි..

හොලිවුඩ් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන 95 වන ඔස්කාර් සම්මාන උලෙළ අද ආරම්භ වුණා.

ඒ, ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරයේ ඩොල්බි රඟහලේ දීයි.

එහි දී හොඳම චිත්‍රපටියට අදාළ සම්මානය Everything Everywhere All at Once  චිත්‍රපටිය දිනාගත්තා.

එමෙන් ම හොඳම සහාය නිළිය හා නළුවා, සහ අධ්‍යක්ෂණය යන සම්මාන ද Everything Everywhere All at Once  චිත්‍රපටියට දිනා ගැනීමත් විශේෂත්වයක්.

මේ අතර හොඳම ගීතයට හිමි ඔස්කාර් සම්මානය තෙළිඟු චිත්‍රපටයක් වන RRR හි නාටු නාටු ගීතය දිනාගෙන තිබෙනවා.

ඉන්දීය චිත්‍රපට ගීතයක් එලෙස ඔස්කාර් සම්මාන උළෙලකදී සම්මානයට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page