උණුසුම් පුවත්

15 වර්ජනයට සහායදෙන එක්දින වර්ජනය වෛද්‍යවරු අද අරඹයි..

බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වල සියලු රජයේ රෝහල්වල අද පෙරවරු අටේ සිට වෛද්‍යවරුන් එක් දින වැඩ වර්ජනයක් ආරම්භ කළා.
ඒ, වෘත්තියවේදීන් අනිද්දා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ වර්ජනයට සමඟාමීවයි.
එමෙන්ම හෙට වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව පළාත්වල මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
15 වනදා දිවයින පුරා ආවරණය වන පරිදි රජයේ රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.
වර්ජන සමයේ හදිසි ප්‍රතිකාර සේවා අඛන්ඩව පවත්වාගෙන යන බව සඳහන්.
ළමා, මාතෘ, පිළිකා, ත්‍රිවිධ හමුදා රෝහල් සහ වකුගඩු ප්‍රතිකාර ඒකකයන් මෙන්ම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙහි මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ.
කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේ වර්ජනවලට තම සංගමය සහය ලබා නොදෙන බවයි.
එමෙන්ම බැංකු සේවකයින් ද අද කළු ඇදුමෙන් සැරසී සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබුණා.
කෙසේ වෙතත් ප්‍රගති බැංකු සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සහභාගි වීම සම්බන්ධයෙන් තම ස්ථාවරය අද ප්‍රකාශයට පත්කරන බවයි.
ජල සම්පාදන හා ජලාපවාහන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය ද අනිද්දා වර්ජනයට සමඟාමීව අද සිට ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සඳහන්.
එමෙන්ම විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සැලසුම් කර තිබෙනවා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද පසුගිය 09 වනදා ආරම්භ කළ අධ්‍යයන කටයුතුවලින් බැහැර වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.
දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කළේ හෙට මධ්‍යම රාත්‍රියේ සිට අනිද්දා මධ්‍යම රාත්‍රිය දක්වා පැය විසි හතරක සංකේත වර්ජනයක් ඔවුන්ද ක්‍රියාත්මක කරන බවයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page