උණුසුම් පුවත්

ලොහාන් රත්වත්තේට යළිත් ඇමති ධුරයක්..

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා පත් කරන තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඔහු දිවුරුම් දුන් බවයිල ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මීට පෙර ඔහු වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කිරීමත් විශේෂත්වයක්.

ලොහාන් රත්වත්තේ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුද වනවා.

ඔහු මීට පෙර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි කටයුතු කළේ.

එම කාලයේ දී වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුරෑම් ගස බැලීමට යාමේ සිද්ධිය දැඩි ආන්දෝලනයකට ලක් වුණා.

එමෙන් ම අනුරාධපුර බන්ධනාගාරයේ සිටි දෙමළ දේශපාලන සිරකරුවන්ව වෙඩි තබා ඝාතන කිරීමට තැත් කළ බවටද චෝදනා එල්ල වුණා.

මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන් වගකීම භාරගත් ලොහාන් රත්වත්තේ මහතා 2021 වසරේ සැප්තැම්බර් 21 වනදා සිය ධුරයෙන් ඉල්ලා අස් වුණා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page