උණුසුම් පුවත්

විශ්ව විද්‍යාල ආචාර්යවරු වෘත්තිය ක්‍රියාමාර්ගයක් සැලසුම්කරයි..

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විසදී නොමැති ප්‍රශ්නවලට අදාළව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සැලසුම් කර තිබෙනවා.

තම සම්මේලනයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ලබන මස පස් වනදා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කලේ.

එහි සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන මහතා සදහන් කළේ, විශ්ව විද්‍යාලවලට අවශ්‍ය තරම් ප්‍රතිපාදන නොමැති වීමත්, පර්යේෂණ සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය නොලැබීමත් යන හේතු මත විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැඩි කලකිරීමට පත්ව ඇති බවයි.

2020 සිට මේ දක්වා ආචාර්යවරුන් 2,500ක් රට හැරගොස් ඇති බවයි මහාචාර්ය බරණ ජයවර්ධන මහතා පවසන්නේ

දැනට සිටින ආචාර්යවරුන් රට හැර යෑමේ අදහසින් ඉවත්ව නොමැති බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page