උණුසුම් පුවත්

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහකරණයට අභිලාෂ කැඳවීමේ අවසන් දිනය තුන්වෙනි වරටත් කල් දමයි..

ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් අභිලාෂයන් කැඳවීමේ යෝජනා ඉදිරිපත් කිරීමේ කාලසීමාව යලි දීර්ඝ කිරීමට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එය දීර්ඝ කළ තුන් වැනි අවස්ථාව මෙය වනු ඇති.
එම ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද වන බව සලකුණු කරමින් ඒ සඳහා ආයෝජකයන්ට යෝජනා ඉදිරිපත් කළ හැකි කාලසීමාව තුන් වන වරටත් දීර්ඝ කර ඇති බව සඳහන්.
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ඉදිරි පියවරක් ලෙස ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා අභිලාෂ කැඳවීම පසුගිය වසරේ ඔක්තෝබර් 31වැනිදා සිදුකෙරුණා.
ඒ අනුව එහි අවසන් දිනය දැක්වුණේ පසුගිය වසරේ දෙසැම්බර් මස 05 වැනිදා ලෙසයි.
කෙසේවෙතත් ප්‍රමාණවත් ආකර්ෂණයක් නොමැතිවීම හේතුවෙන් එය දෙසැම්බර් 18 වැනිදා දක්වාත්, පසුව මේ වසරේ ජනවාරි මස 09 වැනිදා දක්වාත් දීර්ඝ කිරීමට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය තීරණය කර තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page