දේශීය

නව රැම්සාර් තෙත්බිම් තුනක් නම් කෙරේ..

රැම්සාර් සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ නව තෙත් බිම් තුනක්  තෙත් බිම් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා
 වනජීවි දෙපාර්තමේන්තුව මඟින් එය සැලසුම් කර ඇතිබවයි අමාත්‍ය  පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කලේ.
අදට යෙදෙන ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙන්  මාධ්‍ය වෙත අඅදහස් දක්වමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
ඒ අනුව මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය, ආදම්ගේ පාලම ජාතික උද්‍යානය, සහ  යාපනය දිස්ත්‍රික්කයට අයත් චුන්ඩිකුලම් ජාතික උද්‍යානය  නව තෙත් බිම් කලාප ලෙස  නම් කිරීමට නියමිතයි.
එය මේ වසර ඇතුළත සිදු කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
මෙහිදී වාන්කලෙයි අභයභූමිය,  වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය දක්වා  පුළුල්  කිරීමට  ද  පියවර ගෙන ඇති බව සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page