ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා.
එයට සමගාමීව දණ්ඩ නීති සංග්‍රහයට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට සියලුම ක්ෂේත්රයන්හි ශාරීරික දඬුවම් තහනම් කිරීම සඳහා වන සංශෝධන කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමටයි පියවරගෙන ඇත්තේ
ඒ අනුව සෑම දරුවෙකුගේම අයිතීන් සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීමට කැපවීම සමග පෙළ ගැසෙමින්, ශ්‍රී ලංකාවේ කිසිදු දරුවෙකු ශාරීරික හෝ මානසික ප්‍රචණ්ඩත්වයට ලක් නොවන බව සහතික කිරීම සඳහා නීතිමය ආරක්ෂාවක් එයින් සැලසෙනවා.
ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 19 වැනි වගන්තිය ළමයින්ට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව ආරක්ෂාව ඉල්ලා සිටින අතර ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව, සාමාන්‍ය විවරණ අංක 8 හි අවධාරණය කරන්නේ ශාරීරික දඬුවම් සියලු සැකසුම් තුළ තහනම් කළ යුතු බවයි.
ශාරීරික හිංසන ළමා අපයෝජන අතරින් ඉහළින්ම වාර්තාවන අතර, සෑම වසරකම ලොව පුරා ළමුන් බිලියන 1යි දශම 3කට වඩා කායික හිංසනයට ලක්ව තිබෙනවා.
2017 වසරේදී දකුණු ආසියාතික රටවල් අතරින් දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීමට මූලිකත්වය ගත් පළමු රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාවට ගෞරවය හිමිවනවා.
උණුසුම් පුවත්
ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදයි
- April 30, 2024
- 0 Comments
- Less than a minute
- 3 weeks ago
Leave feedback about this