උණුසුම් පුවත්

සා. පෙ. විභාගය අවසන් වූ විගස උ.පෙ. පන්ති ආරම්භ කරනවා.. අධ්‍යාපන ඇමති..

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.
ලබන හයවෙනිදා සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට නියමිතයි.
කොවිඞ් ව්‍යසනය හේතුවෙන් පාසල් වසා තැබීමෙන් අතපසු අධ්‍යන කටයුතු යථාවත් කිරීමේ වැඩපිළිවෙල අනුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
මේ වන විටත් උසස් පෙළ විද්‍යා ගණිත තාක්ෂණවේදය සහ විදේශ භාෂා විෂය ධාරා ඉගැන්වීමට නව ගුරුවරුන් තුන්දහසක් බඳවා ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.
මේ සතිය තුල ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් කිරීමට නියමිත බවද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියා.
ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page