උණුසුම් පුවත්

109 ට ආ පැමිණිලි 477 ක් විමර්ශනය කර අවසන් බව පොලිසිය කියයි..

109 ක්‍ෂණික දුරකථන අංකයට ලැබුණු පැමිණිලි 477 ක විමර්ශන අවසන් කර ඇති බව පොලිසිය පවසනවා.
ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය තුළ 109 ක්‍ෂණික දුරකථන අංකය ස්ථාපිත කළා.
පසුගිය ජනවාරි 4 වනදා සිට මාර්තු 10 වනදා දක්වා කාලය තුළ එම දුරකථන අංකයට පැමිණිලි 1,077 ක් වාර්තා වී තිබුණා.
තවද පැමිණිලි 42 ක් සඳහා නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
එසේම පැමිණිලි අටක් සමථ මණ්ඩලය වෙත යොමුකර ඇති අතර, පැමිණිලි 550 කට අදාළව විමර්ශන කටයුතු සිදුකරමින් පවතිනවා.
පොලිස් ස්ථාන වෙත ගොස් පැමිණිලි කිරීමට නොහැකි නවයොවුන් වියේ දරුවන්ට රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි 109 ක්‍ෂණික ඇමතුම් අංකය හරහා පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් කියාසිටියේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page