උණුසුම් පුවත්

ලොකු ළූණු මිල ඉහලයන අවදානමක්..

 මෙරට ලොකු ළූණු මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවට වාර්තා වී තිබෙනවා.
ඒ, ඉන්දියාව ලොකු ළූණු අපනයනය සඳහා වූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීම හේතුවෙන්.
දෙසැම්බර් මාසයේදී පනවන ලද එම තහනම අවසන් වීමට නියමිතව තිබුණේ ලබන 31 වැනිදායි.
මෙරට වාර්ෂික ලොකු ළූණු පරිභෝජනය මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස්දහසක් පමණ වනවා.
ඉන් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙන් බව සදහන්.
 මෙම තහනම සමග රටවල් රැසක ලොකු ළූණු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
මෙරට වෙළෙඳපොලේ ද ලොකු ළූණු කිලෝග්‍රෑමයක් රුපියල් 600.00 ත් 700.00 ත් අතර මිලකට අලෙවි වනු ඇති.
කෙසේ වෙතත්  උත්සව සමයේදී ලොකු ළූණු කිලෝවක් රුපියල් 375ත් 400 අතර මිලකට පාරිභෝගිකයාට ලබා ගත හැකි වන බවයි වෙළද අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කලේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page