උණුසුම් පුවත්

අලුත් මත්පැන් බලපත් 470 කට අවසර දීමට යයි..

මෙරට බලපත්‍රලාභී මත්පැන් අලෙවිසැල් ප්‍රමාණය තවත් 470 කින් වැඩි කිරීම සඳහා අවධානය යොමුව තිබෙනවා.
ඊට අදාල ගැසට් නිවේදනය අනුමැතිය සඳහා ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කලේ මත්පැන් අලෙවිසැල් සංඛ්‍යාව තීරණය කිරීමට අදාල ගැසට් නිවේදනය පසුගිය වසර 15 ක කාලය තුල සංශෝධනය වී නොමැති බවයි.
නව බලපත්‍ර 470 සමග මෙරට මත්පැන් අලෙවිසැල් ප්‍රමාණය 1108 සිට 1578 ක් දක්වා ඉහල යනු ඇති.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල බලපත්‍රලාභී මත්පැන් අලෙවිසැල් නොමැතිවීම හේතුවෙන් සමාජීය අවශ්‍යතා සලකා බලා මෙම පියවර ගන්නා බවයි සුරාබදු කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර සියළුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර සහිත ස්ථාන හෙටදින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
හෙටට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයිරැළි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල මෙය ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.
එහෙත් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර සහිත සුරා අලෙවි ස්ථාන සඳහා මෙම නීතිය බල නොපාන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page