ක්‍රීඩා

ක්‍රිකට් නව ව්‍යවස්ථා කෙටුම්පත කැබිනට් අනුකමිටුවට භාරදෙයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සිදු කිරීම, පාලනය කිරීම සහ අධීක්ෂණය සඳහා 18 දෙනෙකු ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කළ යුතු බව නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් යෝජනාකර දී තිබෙනවා.

විශ්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි මහතා ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව සකස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවේ මේ බව සඳහන්.

යෝජිත අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 08 දෙනෙකු පත්කරන සාමාජිකයන් වන අතර ඒ සඳහා හයදෙනෙකුගෙන් සනන්විත නාමයෝජනා කමිටුවක් ද එහි යෝජනා වී තිබෙනවා.

සෙසු සාමාජිකයන්  දහදෙනා ඡන්දයෙන් තෝරාගැනීමට නියමිතයි.

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති, වරලත් ගණකාධිකාරවරුන් ගේ සංගමයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන ලද එම ආයතනික කමිටු සාමාජිකයෙක්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හෝ ඔහු හෝ ඇය විසින් නම් කරනු ලබන නීතිඥ කවුන්සිලයේ සාමාජිකයෙක්, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හෝ ඔහු හෝ ඇය විසින් නම් කරනු ලබන එම ආයතනයේ කමිටු සාමාජිකයෙක්, SLID ආයතනයේ සභාපතිවරයා හෝ ඔහු හෝ ඇය විසින් නම් කරනු ලබන එම ආයතනයේ කමිටු සාමාජිකයෙක්, CIMA ආයතනයේ ප්‍රධානියා හෝ ඔහු විසින් නම් කරනු ලබන එම ආයතනයේ කමිටු සාමාජිකයෙක් නාම යෝජනා කමිටුව නියෝජනය කරනු ඇත.

ඡන්දයෙන් පත්වන සාමාජිකයන් 10 දෙනා අතරින් 05 දෙනෙකු ක්‍රිකට් ක්‍රීඩා සමාජවල නිලවරණයකින් තෝරා ගත යුතු බව නව ව්‍යවස්ථාවේ සඳහන්.

ක්‍රීඩකයන් ගේ සංගමයෙන්, පාසල් ක්‍රිකට් ,කාන්තා ක්‍රිකට්, විනිසුරුවරුන්ගේ හා පුහුණුකරුවන්ගේ සංගම්වලින් ලෙස සෙසු පස්දෙනා නිලවරණයකින් තෝරාගත යුතු වනවා.

ඉහත සඳහන් ක්‍රිකට් ක්‍රීඩා සමාජ සහ සංගම් හරහා අධ්‍යක්ෂවරුන් තෝරාපත්කර ගැනීම ඒ ඒ සංගම් සහ ක්‍රීඩා සමාජ හරහා සිදු කළ යුතු බව ද එහි දක්වා තිබෙනවා.

මෙම ක්‍රිකට් නව ව්‍යස්ථාව ඊයේ දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගැටලු නිරාකරණය සඳහා විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතා ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කැබිනට් අනුකමිටුවට ලබාදුන් බව සඳහන්.

ක්‍රිකට් කමිටුව, විගණන කමිටුව, පාර්ශ්වකාර ගනුදෙනු කමිටුව, නාම යෝජනා කමිටුව, තේරීම් කමිටුව, තරගාවලි කමිටුව, පහසුකම් සංවර්ධන කමිටුව, සංචාර කමිටුව, රීති – බේරුම්කරණ -හා විනය කමිටුව, ආයෝජන කමිටුව, තහනම් උත්තේජක සහ දූෂණ මර්දන කමිටුව හා වේතන කමිටුව වශයෙන් තවත් කමිටු ගණනාවක්ද මෙම ව්‍යවස්ථාවෙන් යෝජනා කර ඇති බව සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page