උණුසුම් පුවත්

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවයි.R.

2024 දෙසැම්බර් 15 දක්වා පරටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වූ බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වී තිබෙනවා.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් ඒ බව ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්බවයි අප වාර්තාකරු කියා සිටියේ.
මෙහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ අශෝක් අබේසිංහ යන මහත්වරුන් පනත් කෙටුම්ිපතට සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී ආණ්ඩු පක්ෂය විරුද්ධ වීමත් සමග අවස්ථා දෙකකදී ඡන්දයක් පැවැත්වුණා.
ඒ අනුව එම අවස්ථා දෙකේදීම විපක්ෂය පරාජයට පත්වූ බවයි ඔහු කියා සිටියේ.
එහිදී විපක්ෂනායකවරයා ඉදිරිපත් කළ සංශෝධනයට කැමැත්ත විමසීම සඳහා පැවති ඡන්දයේදී පක්ෂව ඡන්ද 25ක්ද, විපක්ෂව ඡන්ද 50ක් ලැබුණු බව සදහන්.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා මෙහිදී ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියා.
අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා ඉදිරිපත් කල සංශෝධන සඳහා කැමැත්ත විමසීමේ ඡන්දයේදී පක්ෂව 19ක්ද, විපක්ෂව ඡන්ද 49ක් ලැබී තිබෙනවා.
එහිදීද පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා ඡන්දය දීමෙන් වැළකී සිටි බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු වැඩිදුරටත් සදහන් කලේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page