දේශපාලන දේශීය

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම හෙට සිට

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.එළැඹෙන 21 වැනි දා මධ්‍යාහ්න 12 දක්වා ඒ සඳහා අවස්ථාව හිමි වන බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු අද දිනයේත් සිදු කෙරුණා.2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ව පළාත් පාලන ආයතන 341න් 340ක් සඳහා නාම යෝජනා කැඳවීම හෙට සිට ආරම්භ කෙරෙන බවයි මැතිවරණ කොමිසම මීට දෙසතියකට පෙර නිවේදනය කළේ.

ඒ අනුව හෙටින් ඇරඹෙන නාම යෝජනා කැඳවීමේ කටයුතු සඳහා එළැඹෙන 21 වැනි දා මධ්‍යාහ්න 12 දක්වා අවස්ථාව හිමිවනු ඇති.දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා කැඳවීමේ දැන්වීම ලැබුණු පසු ආරම්භ කෙරුණු ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු සිදු කෙරුණා.දිස්ත්‍රික්ක 18කට අදාළ පළාත් පාලන ආයතන 153ක් සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මැතිවරණ කාර්යාලවල දී ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page