මොහොමඩ් මුයිසු මාලදිවයිනේ ජනාධිපතිධූරය පත්වීමෙන් පසුව මාලදිවයිනට සිය අසල්වාසීන් අමතක වී යන අයුරු පෙනෙන්නට ඇතැයි ජාත්‍යන්තර විචාරකයන් පවසනවා.
ඊට කදිම නිදසුන වන්නේ මාලදිවයිනට ඉන්දියාව සමග අනවශ්‍ය අර්බුදයක පැටලිමයි.
මොහොමඩ් මුයිසු ජනාධිපතිවරයා ලෙස පත්වූ වහාම සිය ප්‍රථම රාජකාරිය බවට පත් කර ගත්තේ චීන සංචාරයයි.
අනතුරුව ඉන්දියාවේ සම්බන්ධතා පසෙකට ඇද දැමු ඔහු ජාත්‍යන්තරය හමුවේ සිදු කල ප්‍රකාශ චීනයට අවශ්‍ය පරිදි සිදුව තිබුණා.
එහෙත් මුයිසුගේ අදූරදර්ශි තීරණ හා ප්‍රතිපත්ති මාලදිවයිනේ ස්වෛරීභාවය සහ ආර්ථික ස්වාධීනත්වය අනතුරේ හෙළා ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ.
මාලදිවයිනේ නිල සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කෙරෙන පරිදි මෙම වසරේ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 550 ක අයවැය හිඟයක් පෙන්නුම් කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම 2026 දී මාලදිවයින අමෙරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වගකීම් වලින් සැදුම් ලත් චීන ණය ද ආපසු ගෙවිය යුතුව තිබෙනවා.
කෙසේවෙතත් මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු මේවනවිට සිටින්නේ ණය කාලසීමාවන් කල් දැමීමේ ලැජ්ජා සහගත උත්සහයකයි.
ඒ සඳහා ඔහු චීනයෙන් සහ අබුඩාබි වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ ඔස්සේ මුයිසුගේ පාලන තන්ත්රයේ මංමුලා සහගත බව පැහැදිලි වන බව ජාත්‍යන්තර විචාරකයන් පෙන්වා දෙනවා.
මාලදිවයිනේ මෙම ණය උගුලට ප්‍රධාන හේතුව වී ඇත්තේ චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතියයි.
ඊට මුවාවී චීනය මාලදිවයින තුළ ගොඩනගා ඇති වැරදි සංකල්පිත චීන යටිතල පහසුකම් ව්‍යාපෘති, පාලම්, ඌන ප්‍රයෝජනයට නොගත් ගුවන් තොටුපල සහ දුප්පත් මාලදිවයින් පුරවැසියන් සඳහා පැහැදිලි ආර්ථික අරමුණක් ඉටු නොකරන ධනවත් කෘතිම දූපත් ණය උගුලක් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
කෙසේවෙතත් මේවනවිට පැටලී ඇති ණය බර හේතුවෙන් යළිත් ඉන්දියාව පාමුලට පැමිණීමට ද මොහොමඩ් මුයිසු හට සිදුවුණා.
ඔහු ඉකුත් දා පැවසුවේ ඉන්දියාව යනු තවමත් මාලදිවයිනේ සමීපතම මිතුරා බවයි.
එබැවින් ණය කපා හැරීමක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස මාලදිවයිනේ ජනාධිපතිවරයා ඉකුත් දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ආයාචනා කර තිබුණා.
Leave feedback about this