උණුසුම් පුවත්

ශිෂ්‍යත්ව විභාගයට ඇගයීම් ක්‍රමයක්..

ලබන වසරේ සිට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සරල කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ යටතේ සාක්ෂර හැකියාව සහ අංකන හැකියාව මැන බැලීමට නියමිතයි.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් යෝජනා රැසක් ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව ඉදිරියේදී ශිෂ්‍යත්ව ලකුණු මෙන්ම 4 සහ 5 ශ්‍රේණිවල පන්ති කාමරයේදී ඇගයීම් මගින් සියයට තිහක් ලකුණු ලබාගත යුතු වනවා.

මේ අතර අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම් රැසක් ලබන වසරේදී සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page