ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනය ඈදා ගැනීම සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ඉන්දියාවට සිය විරෝධය පළ කර තිබෙනවා.
එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් බෂීර්ට ඉන්දියාව විසින් වීසා බලපත්‍ර ලබාදීම ප්‍රමාද කිරීමේ සිද්ධියක් ඊට හේතු වී ඇති බව සඳහන්.
ෂොයිබ් බෂීර් පාකිස්තාන සම්භවයක් ඇති පුද්ගලයෙකු වන බැවින් ඉන්දු – පාකිස්තාන අර්බුදය මුල් කරගනිමින් මෙලෙස වීසා ලබාදී නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ෂොයිබ් බෂීර්ගේ මංගල ටෙස්ට් තරඟාවලිය ද මෙය වනවා.
ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරඟාවලිය අද ආරම්භ වන අතර, ඔහු අද එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමටයි නියමිතව සිටියේ.
නමුත් ඔහුට නිසි දිනයේ වීසා නොලැබීම හේතුවෙන් ෂොයිබ් බෂීර්ගේ මංගල ක්‍රිකට් සිහිනය බොඳවී යනවා.
ඒ හේතුවෙන් එංගලන්තයේ නායක බෙන් ස්ටොක් සිය විරෝධය පළ කර ඇති අතර, ෂොයිබ් බෂීර්ට වීසා ලැබෙන තෙක් ඉන්දියා සංචාරය ප්‍රතික්ෂේප කිරීම සම්බන්දයෙන් සලකා බලන බවයි ඔහු කියා සිටියේ.
ක්‍රීඩා
ක්‍රිකට් වලට දේශපාලනය ගෑවීම ගැන ඉන්දියාවට එංගලන්තයෙන් චෝදනා..
- January 25, 2024
- 0 Comments
- Less than a minute
- 4 months ago
Leave feedback about this