උණුසුම් පුවත්

මහ බැංකුව පොලී අනුපාත පහල දමයි..

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොළි අනුපාත අඩුකර තිබෙනවා.
එහි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් හෙවත් ඛත්‍ඍ අනුපාතිකය මෙලෙස අඩුකර ඇති බව සදහන්.
එය පිළිවෙළින් 8 යි දශම 5 ක්  සහ 9 යි දශම 5 ක් දක්වා පදනම් අංක 50 කින් අඩුකර තිබෙනවා.
 ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ඊයේ දිනයේ පැවති
රැස්වීමකදී මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
එහිදී මධ්‍ය කාලීනව උද්ධමනය 5 ක ඉලක්කගත මට්ටමේ පවත්වා ගනිමින් ආර්ථිකයට එහි විභවයන් කරා ළඟා වීමට හැකි වන පරිදි මෙම පියවර ගෙන තිබෙනවා.
වත්මන් සහ අපේක්ෂිත දේශීය හා ජාත්‍යන්තර ආර්ථික වර්ධනයන් පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව මෙම තීරණයට එළඹුනු බවද එම නිවේදනයේ සඳහන්.
මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග මාලාවේ ප්‍රතිලාභ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ප්‍රමාණවත් ලෙස ලබාදීම සහතික කිරීම එහි අරමුණ වනවා.
ඒ සඳහා වෙළඳපොළ ණය පොලී අනුපාත අඩු කිරීමට සියලු මූල්‍ය ආයතන කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවද එහිදී මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් දැනුම් දී තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page