උණුසුම් පුවත්

පොලිසියට ගමෙත් බෑ.. බිරිඳගෙ සැමියාගෙ ගමෙත් බෑ..

පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට කොස්තාපල්වරුන් දක්වා කිසිවකුටත් මින් ඉදිරියට තම ගම් ප්‍රදේශයේ පොලිසියට අනුයුක්තව රාජකාරි කල නොහැකි බව පොලිස් මූලස්ථානය පවසනවා.
 ඊට අමතරව බිරිඳගේ ගම් ප්‍රදේශයේ පොලිසියට හෝ ගමට ආසන්නතම පොලිසියේ සේවය කිරීමද මේ අනුව නොහැකි වනු ඇති.
 සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්, අංශභාර ස්ථානාධිපතිවරුන්, සිට කොස්තාපල්වරුන් දක්වා මෙම නීතිය බලාත්මක බවයි පොලිස් මූලස්ථානය සඳහන් කලේ.
ගමේ හෝ ගමට ආසන්නතම ස්ථානයක සේවය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් කර වාර්තාවක් ලබා දෙන ලෙසට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් විශේෂ කමිටුවක්ද පත්කර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කිරීමටයි පොලිස්පතිවරයා පියවර ගෙන ඇත්තේ.
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් පාලනය කර ගැනීමට නොහැකි වූ පොලිසි ස්ථාන හැට දෙකක ස්ථානාධිපතිවරුන් පසුගියදා කොළඹට කැඳවා තිබුණා.
එහිදී පැවති සාකච්ඡාවකදී අනාවරණ වී ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරුන් තම ගමේ හෝ ආසන්නතම ගමේ පදිංචිවීම හේතුවෙන් අපරාධකරුවන් මර්දනයට පියවර නොගන්නා බවයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මේ සම්බන්ධව සොයා බැලීමට විශේෂ කමිටුවක්ද පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
එම කමිටු වාර්තාව ලද වහාම තම ගම් ප්‍රදේශයේ හෝ බිරිඳගේ ගමේ හෝ ආසන්නතම ගමේ සේවය කරන සියලු දෙනාටම ස්ථාන මාරුවීම් ලබාදීමටද පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page