උණුසුම් පුවත්

ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතින් සඳහන් කලේ.
මියයන විට ඒ මහතා 76 වන වියේ පසුවුණා.
වෘත්තියෙන් ගුවන් යානා ඉංජිනේරු ක්ෂේත්‍රයට සම්බන්ධ වූ චන්ද්‍රකුමාර කදනාරච්චි මහතා පසුකාලීනව ගායන ක්ෂේත්‍රයට පිවිසියා.
1973 වසරේ කේ ඩි කේ ධර්මවර්ධන විසින් රචිත උපාලි කන්නන්ගර සංගීතවත් කල ඇගෙ සිනහව තහනම් ගීතයෙන් ඔහු ශ්‍රාවකයන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වුණා.
ගම මහනුවරයි. පෙම් බැන්ද, සිතේ සතුට, ගංගා නදී තීරයේ, රාමාසීතා. පෝය සඳේ සත් දිනකින්, සීතල වැහිපිනි වැනි ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් ගායනා කර තිබෙනවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතින් සදහන් කලේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page