විදේශීය

කොන්දේසි විරහිතව ප්‍රාන ඇපකරුවන් නිදහස් කරන්න.. සටන් විරාමයකට යන්න.. එක්සත් ජාතීන් යෝජනාවක් සම්මත කර ගනී..

ගාසා තීරයේ වහාම සටන් විරාමයක්  ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් යෝජනාවක් සම්මත කර තිබෙනවා.
ඒ අනුව කොන්දේසි විරහිතව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස එමඟින් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.
හමාස් සංවිධානය වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ගාසා තීරයේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ආරක්ෂක කවුන්සිලය වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් වුණා.
කෙසේ වෙතත් අමෙරිකාව ඇතුළු රටවල නිෂේද බලය හමුවේ ඒවා සම්මත වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ.
ඊයේ ඉදිරිපත් වූ යෝජනාවටද අමෙරිකාව ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි බව සඳහන්.
 ඊට එරෙහිව නිෂේධ බලය භාවිත නොකිරීම ද විශේෂත්වයක්.
අමෙරිකාවේ ස්ථාවරය වෙනස් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් කනස්සල්ල පළකර තිබෙනවා.
 අමෙරිකානු නියෝජිතයින් පිරිසක් සමග මේ සතියේ වොෂිංටන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කිරීමට ද ඊශ්‍රායලය පියවර ගෙන ඇති බව සදහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page