උණුසුම් පුවත්

ඉදිරියේදී ආර්ථිකය හොඳ වන බව මහ බැංකු අධිපති කියයි..

 ඉදිරි මාස 12 තුළ මෙරට ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් දැක ගත හැකි බව  ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ඒ, ගෙවුණු වසරේ අවසන් කාර්තුවේ සියයට 4.5ක ආර්ථික වර්ධනයක් වාර්තා කිරීම හේතුවෙන්
ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ආර්ථිකයේ වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු අනාවරණ කලා.
 මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 8.5 ක්  සහ සියයට  9.5 ක්  දක්වා පදනම් ඒකක 50කින් අඩු කිරීමටද මහ බැංකුව තීරණය කර තිබෙනවා.
මහ බැංකු නවතම වාර්තාවන්ට අනුව 2024 වසරේ පෙබරවාරි මාසය අවසන් වන විට මෙරට නිල වත්කම් සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක්.
වසරේ පළමු මාස දෙක තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති විදේශ ප්‍රෙෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 964ක් වනවා.
එම මාස 2 තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 687 ක් බව සඳහන්.  
2024 වසරේ මේ දක්වා කාලය තුළ  රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 6.7 කින් අධිප්‍රමාණය වී තිබෙනවා.
සියයට 4  ත් සියයට 5 ත් අතර උද්ධමන ප්‍රතිශතයක් ඉදිරියේදී පවත්වාගෙන යාමට අපේක්ෂිත බවද සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page