උණුසුම් පුවත්

මෛත්‍රීගේ ප්‍රකාශය ගැන කියන්න අද නීතිපති අධිකරණයට..

නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට අද දින විශේෂ කරුණු වාර්තා කිරීමක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කල ප්‍රකාශය සම්බන්ධයෙන්.
නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කලේ එහිදී මෛත්‍රිපාල සිරිසේන මහතා අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසද ඉල්ලීමක් කිරීමට නියමිත බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ මහතා ඊයේ ලබාදුන් ප්‍රකාශය නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.
පසුගිය 22 වනදා මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී මාධ්‍ය වෙත කල ප්‍රකාශය සම්බන්ධයෙන් පෙරේදා ප්‍රකාශයක් ලබා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කල කැඳවීමකට අනුවයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේ පාස්කු ප්‍රහාරය සිදුකල පුද්ගලයින් තමා දන්නා බවයි.
අධිකරණය ඒ සම්බන්ධයෙන් තමන්ගෙන් විමසීමක් කරන්නේ නම් රහසිගත ප්‍රකාශයක් ලෙස එය ලබාදීමට සූදානම් බවද ඒ මහතා ප්‍රකාශ කලා.
එම ප්‍රකාශයෙන් අනතුරුව පාර්ශව කිහිපයක් පොලිසියෙන් ඉල්ලා සිටියේ මෛත්‍රිපාල සිරිසේන මහතා අත්අඩංගුවට ගන්නා ලෙසයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page