උණුසුම් පුවත්

පොලිස් වෙඩි පහරින් අයෙක් මරුට..

නාරම්මල ප්‍රදේශයේදී පොලිසිය සිදුකල වෙඩි තැබිමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සදහන් කලේ මුදල් කොල්ලයක් සඳහා පැමිණි තිදෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.
මංකොල්ලකරුවන් ඇපල් වර්ගයේ ජංගම දුරකථන අලෙවි කරන බවට පුවත්පත් දැන්වීම් පලකර තිබෙනවා.
එම ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ මුදල් සූක්ෂම ලෙස කොල්ල කා ඇති බවටයි වාර්තා වන්නේ.
එලෙස ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා රුවන්වැල්ල ප්‍රදේශයට පැමිණි පිරිසකට ඇතිවු සැකය මත ඔවුන් ඒ පිළිබඳ පොලිසියට දන්වා තිබුණා.
පසුව නාරම්මල ප්‍රදේශයේදී කොල්ලකරුවන් මුදල් ලබාගෙන පලායාමට උත්සහ කිරීමේදී පොලිසිය ඔවුන්ට වෙඩි තබා තිබෙනවා.
කොල්ලකරුවන් පැමිණි මෝටර් රථයටද ප්‍රදේශවාසින් විසින් දැඩි අලාභහානි සිදුකර ඇති බව සඳහන්
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.
මේ අතර කිසියම් අපරාධයක් සඳහා යමින් සිටි ත්‍රිරෝද රථ දෙකක් අලුත්ගම දර්ගා නගරයේදී පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් නිළධාරින් දෙදෙනෙකුට පහරදුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් හයදෙනෙකු පැමිණි ත්‍රිරෝද රථ දෙක පොලිස් නිළධාරින් පරීක්ෂා කිරීමට යාමේදී ඇතිවු බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව සදහන්.
ත්‍රිරෝධ රථවලින් පැමිණි පොලිස් නිළධාරින්ගේ නිල ඇදුම් ඉරාදමා පහරදී පලායාමටයි උත්සහ කර ඇත්තේ.
එහි එක් ත්‍රිරෝද රථයක තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය, කඩු ඇතුළු තියුණු ආයුධ සහ පහරදීම සඳහා යොදාගන්නා පොලු කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page