උණුසුම් පුවත්

රාජ්‍ය අංශයේ වාහන සඳහා වියදම වැඩිලු.. පර්‍යේශන පත්‍රිකාවක් පෙන්වා දෙයි..

රාජ්‍ය ආයතන සතු වාහන ධාවනයේදී කිලෝමීටරයක් සඳහා රුපියල් 300ක පමණ පිරිවැයක් දරන බව ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.
කෙසේවෙතත් එය රුපියල් 100ක් දක්වා අඩුකළ හැකි බවයි එහිදී ප්‍රකාශ වී ඇත්තේ.
මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක දත්ත අනුවයි  මෙම තොරතුරු අනාවරණ වී තිබෙනවා.
අදාළ පර්යේෂණ පත්‍රිකාව මඟින් පෙන්වා දී ඇත්තේ 2022 වසරේ සංඛ්‍යා ලේඛන අනුව රාජ්‍ය ආයතන සතුව වාහන 82,000ක් පමණ පවතින බවයි.
ඉන් වාහන 76,000ක් පමණ ධාවන තත්ත්වයේ පවතින බවත් වාහන 5,500ක් පමණ ධාවන තත්ත්වයේ නොපවතින බවත් එහිදී අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම ධාවන තත්ත්වයේ පවතින එක් වාහනයක් කිලෝ මීටරයක් ධාවනය කිරීම සඳහා යන වියදම ආසන්න වශයෙන් රුපියල් 300ත් 500ත් අතර වන බවයි මෙම පර්යේෂණ පත්‍රිකාව මඟින් අනාවරණ කර ඇත්තේ.
ක්එහෙත් රාජ්‍ය ආයතනවලට අවශ්‍ය වාහන කුලී හෝ බදු පදනම යටතේ පෞද්ගලික අංශය මඟින් ලබාගන්නේ නම් රුපියල් 100ක් හෝ ඊට අඩු මුදලකින් කිලෝමීටයක් ධාවනය කිරීමට හැකි බවයි එම පර්යේෂණයේ දත්ත මඟින් පෙන්වා දෙන්නේ.
ඒ අනුව, ක්‍රමානුකූලව රාජ්‍ය ආයතන සතු වාහන ඉවත් කරමින් මෙම ක්‍රියාදාමය අනුගමනය කරන්නේ නම් සෘජුවම රුපියල් බිලියන 20ක් පමණ රාජ්‍ය වියදම ඉතිරිකර ගත හැකි බවද එහිදී අනාවරණ වී තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page