උණුසුම් පුවත්

ළමා ආරක්ෂාව පිළිබඳ මාර්ගගත ප්‍රවේශයක් හඳුන්වා දෙයි..

 ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ මෙතෙක් පැවති කිසිඳු රජයක නිසි අවධානය යොමු  නොකිරීම බරපතළ ගැටලුවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පවතින සංකීර්ණතාව තුළ මෙම ගැටළුවට කඩිනම් විසඳුම් සෙවීම අසීරු බවයි ඒ මහතා කියා සිටියේ.
කෙසේ වෙතත් රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෑම පියවරක්ම ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කලා.
ඊට අදාළ අමාත්‍යාංශ, පොලිසිය සහ ළමා සුරැකුම්, පරිවාස සේවා නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්ව මේ සඳහා කැපවී කටයුතු කිරීමේ අවශ්‍යතාව ද එහිදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙන්වා දුන්නා.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
 ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් කඩිනමින් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවයි ඒ මහතා ප්‍රකාශ කලේ.
ළමා නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරුවන ළමා ලිංගික අපයෝජන සිදුවීම් අඩංගු හෝ අඩංගු විය හැකි වෙබ් අඩවි, ඡායාරූප සහ වීඩියෝ දර්ශන හේතුවන් ළමුන් සයිබර් අවකාශය තුළ හිංසනයට ලක්වීම වර්තමානයේ විශාල ගැටළුවක්.
ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ලෝකයේ ප්‍රමුඛතම අන්තර්ජාල ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ ආයතනයක් වන එක්සත් රාජධානියේ ඉන්ටර්නෙට් වොච් ෆවුන්ඬේෂන් සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.
එහිදී ඕනෑම අයෙකුට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවිය වෙත පිවිස අදාල පැමිණිලි ඉදිරිපත් කල හැකියි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 011 – 2 778 911 අංකයේ 269 දිගු අංකය අමතා ලබාදිය හැකියි.  

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page