උණුසුම් පුවත්

ඉන්දීය බිත්තර ආනයනය සීමා කරයි..

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සීමා කර තිබෙනවා.
අවශ්‍ය තරම් ඒවා ගබඩා කර ඇති බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා කියා සිටියේ.
ඒ අනුව මේ වනවිට බිත්තර මිලියන 4 ත් 5 ත් අතර ප්‍රමාණයක් ගබඩා තුල පවතින බව සඳහන්.
දිනකට සතොස වෙළඳසැල් වෙත බිත්තර ලක්ෂ 5 බැගින් නිකුත් කරනු ලබනවා.
කෙසේ වෙතත් මේ වනවිට ආනයනික ඉන්දියානු බිත්තරයක මිල රුපියල් 43 ක් පමණ වන බව සඳහන්.
මේ අතර උත්සව සමය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂ වැටලීම් ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා නිළධාරින් 1,500 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බවයි එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ.
දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාශ 365 ක් ආවරණය වන පරිදි මෙම වැටලීම් ක්‍රියාත්මකයි.
හෝටල්, ආපනශාලා ඇතුළු ආහාර පරිහරණ ආයතන මෙලෙස වැටලීමට ලක්කරන බව සඳහන්.
සියළුම ආයතන සේවකයින් සතුව බෝවන රෝගයක් නොමැති බවට වන වෛද්‍ය වාර්තාවක් තිබිය යුතු බවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කලා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page