උණුසුම් පුවත්

මෙරටට චීන සහයෝගය යළි සහතික කරයි..

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බව චීන ජනාධිපති ෂී. ජින්පින් පවසනවා.
 ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති හමුවේදී චීන ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
 මිත්‍රත්වය, සාමය, අන්‍යෝන්‍ය ගෞරවය සහ පස්විධ ප්‍රතිපත්ති යටතේ ඉදිරියටත් ක්‍රියාකිරීමට දෙරටම එහිදී එකඟ වී තිබෙනවා.
 ද්විපාර්ශික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, රටවල් අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ  ඵලදායීත්වය මත පවත්වා ගතයුතු බවටද එහිදී අවධානය යොමුව තිබෙනවා.
 එම ප්‍රතිපත්තිය අනුව ක්‍රියා කිරීම දෙරටට වැදගත් ආදර්ශයක් සපයනවා.  
ඒ අනුව දේශපාලන සහ සමාජ ආර්ථික ප්‍රගතිය සඳහා ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නයන්ට අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට චීන ජනාධිපතිවරයා  එහිදී සහතික වූ බව සඳහන්.
 ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරී භාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සැම විට ම චීනය පෙනී සිටින බවද ෂී ජින්පින් ප්‍රකාශ කර තිබෙනවා.
මෙරට ආර්ථික අර්බුදයට ලබාදුන් සහාය පිළිබඳ එහිදී අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ස්තුතිය පළකර ඇති බව සදහන්.
 ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් ලබාදීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා  චීන ජනාධිපතිවරයා  වෙත සිය ප්‍රශංසාව පළකර තිබෙනවා.
ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයේ දී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියද අග්‍රාමාත්‍යවරයා විසින් එහිදී පැහැදිලි කලා.
පාසල් අධ්‍යාපනය, කෘෂිකර්මය, සෞඛ්‍ය, තාක්ෂණය, සංස්කෘතික සහ ආගමික කටයුතු වැනි ක්ෂේත්‍ර සඳහා ලබාදුන් සහයෝගය පිළිබඳ ව ද අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපතිවරයා වෙත ස්තුතිය පලකර තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page