මාන්කුලම් වසන්තනගර් හන්දියේදී සිදුවු රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මාන්කුලම් සිට කිළිනොච්චිය දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් යුද හමුදා සෙබලුන් රැගත් කැබ් රථයක ගැටී මෙම අනතුරක් සිදුව ඇති බව සදහන්.
අනතුරින් කැබ් රථයේ පිටුපස ගමන් කළ හමුදා සෙබලෙක් රථයෙන් විසි වී ගොස් පිටුපසින් පැමිණි ලොරියේ ගැටී බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇහැටුවැව ගල්ගමුව ප්රදේශයේ පදිංචි 39 හැවිරිදි යුද හමුදා සෙබළෙක් මෙලෙස මියගොස් තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර මාන්කුලම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ ක්රියාත්මකයි.
උණුසුම් පුවත්
මාන්කුලමේදී යුධ හමුදා රථයක් අනතුරට.. නවයකට තුවාල.. එක් අයෙක් ජීවිතක්ෂයට..
- April 26, 2024
- 0 Comments
- Less than a minute
- 2 weeks ago
Leave feedback about this