බංග්ලාදේශයට බලපා ඇති අධික උණුසුම් කාලගුණය හේතුවෙන් එරට පාසල් රැසක් වසා දමා තිබෙනවා.
ඒ අනුව ළමුන් මිලියන 33කට අධ්‍යයන කටයුතු අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ.
එම පාසල් ලබන 27 වනදා දක්වා වසා තැබීමට පියවර ගෙන ඇති බව සඳහන්.
බංග්ලාදේශයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් අඛණ්ඩව දෙවන වරටත් මෙලෙස පාසල් වසා දැමීමට සිදුව තිබීම විශේෂත්වයක්.
මිට පෙර අධික උෂ්ණත්වය හේතුවෙන් පිලිපීනයේ හා ඉන්දියාවේ ද පාසල් වසා දැමුනා.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ග්ලැසියර දිය වීමෙන් මුහුදු මට්ටම සෙන්ටිමීටර 30 සිට 45 දක්වා වැඩි විය හැකි බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කලා.
විදේශීය
අධික උණුසුම නිසා බංග්ලාදේශයේ පාසල් වසයි..
- April 26, 2024
- 0 Comments
- Less than a minute
- 2 weeks ago
Leave feedback about this