උණුසුම් පුවත්

30 දායින් පසු අපොස (සා.පෙ) උපකාරක පන්ති තහනම්..

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව සියළු උපකාරක පංති පැවැත්වීම ලබන 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කලේ සාමාන්‍ය පෙල විභාගය අවසන් වනතුරු එය ක්‍රියාත්මක බවයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 6 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව මධ්‍යස්ථාන 3,527ක දී විභාගය පැවැත්වීමට නියමිතයි.
ඊට අදාලව අපේක්ෂකයින් සඳහා උපකාරක පංති, දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම තහනම් වනු ඇති.
කිසියම් පුද්ගලයෙකු මෙම නියෝග කඩ කරන්නේ නම් පොලිසිය වෙත දැනුම් දෙන ලෙසද විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.
මේ අතර පසුගියදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අග වනවිට නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඊට අදාල සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page