උණුසුම් පුවත්

ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ නායයාමක් සක්‍රීය වෙයි..

ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වී තිබෙනවා.
අක්කර දෙකක පමණ භූමියක නාය යාම සක්‍රිය වුවද එය අක්කර 30ක පමණ වපසරියකට බලපෑම් එල්ලකර ඇති බව සඳහන්.
මේ වනවිට එම භූමිය අඩි 10ක් පමණ ගිලා බැස තිබෙනවා.
අක්කර 15ක පමණ ප්‍රමාණයක කන්ද බිඳවැටීම ක්‍රියාත්මක වුවහොත් ඇල්ල – වැල්ලවාය මාර්ගයට දැඩි අවධානමක් ඇති බවද බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, උදය කුමාර මහතා ප්‍රකාශ කළා.
මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ යනු ඇති.
මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළයුතු බව එම ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page