උණුසුම් පුවත්

ඉරාන ජනපතිගේ පැමිණීම හේතුවෙන් අද කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්..

කොළඹ නගරයේ අද විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා.
ඒ, උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා අද  පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීම හේතුවෙන්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ ඒ අනුව අද පස්වරුවේ කොළඹ මාර්ග කිහිපයක් වසා තැබෙන බවයි.
ඒ අනුව පස්වරු 2 සිට 3 දක්වා කාලය තුළ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා තැබෙනු ඇති.
එහිදී මාර්ගය දෙපසට වාහන ගමනාගමනය සඳහා අවස්ථාව හිමි නොවන බව සදහන්.
 අධිවේගී මාර්ගයේ සිට පෑලියගොඩ, ඔරුගොඩවත්ත මංසන්ධිය, දෙමටගොඩ, බොරැල්ල, ඩී එස් සේනානායක මංසන්ධිය, හෝටන් පෙදෙස, හෝටන් වටරවුම, ග්‍රීන් පාත්, පුස්තකාල වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, ආර් ඒ ද මැල් මාවත, ශාත්න මයිකල් පාර, ගාලු පාර සිට කොටුව දක්වා වූ මාර්ගයත්, හිල්ටන් හෝටලය දක්වා වූ මාර්ගයත් වසා තැබීමට නියමිතයි.
පස්වරු 3.30න් පසු කොළඹ ලෝටස් වටරවුමත් පස්වරු 6 සිට 6.30 දක්වා  ජනාධිපති කාර්යාලයේ සිට ගාලුපාර ඇතුලු මාර්ග කිහිපයක් වසා තැබෙනු ඇති.
 රාත්‍රී 7.30 න් පසු කොටුව ජනාධිපති මන්දිරය දක්වා මාර්ගය වසා තැබෙන අතර රාත්‍රී 9.30 න් පසු කොළඹ කොටුව සිට ගාලුපාර, ඇතුළු මාර්ග කිහිපයක් වසා තැබීමට නියමිතයි.
රාත්‍රී 9.30 සිට 10.30 දක්වා කටුනායක අධිවේගී මාර්ගය වසා තැබීමට පියවර ගන්නා බවද පොලීසිය සඳහන් කලා.
අද පෙරවරු 9.30 සිට 11 දක්වා යම්කිසි කාලසීමාවක් දක්වා කොටස් වශයෙන් මත්තල සිට උමා ඔය දක්වා වූ මාර්ගයද වසා තැබෙනවා.
 දහවල් 12 සිට පස්වරු 1 දක්වා කාලය තුළද එම මාර්ගය නැවත වසා තැබෙන අතර මත්තල ගුවන්තොටුපොළ අවට විශේෂ ආරක්ෂාවක් යොදවන බවද පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කලා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page