උණුසුම් පුවත්

චීනයෙන් ඉන්ධන පිරිපහදුවක්..

මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට චීනයේ සයිනොපෙක් සමාගම කැමැත්ත පළකර තිබෙනවා.
එහි නියෝජිතයින් පිරිසක් ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කලේ.
අදාල සාකච්ඡාව  කොළඹදී පවත්වා ඇතිබව සඳහන්.
නව පිරිපහදුව හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට නියමිතයි.
 ඊට අදාළ එකඟතා ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමට සයිනොපෙක් සමාගම එකඟ වී තිබෙනවා.
එම ව්‍යාපෘතිය සඳහා ආයෝජන සහ පිරිපහදුවේ ධාරිතාව වැඩි කිරීමටත් ව්‍යාපෘතිය ජූනි මාසයේදී ආරම්භ කිරීමටත් නියමිතයි.
අදාල ව්‍යපෘතිය සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවුණා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page