විදේශීය

ටැන්සානියාවට ගං වතුර.. 155 ක් මියගිහින්..

ටැන්සානියාවට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 236 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ.
එරට ප්‍රදේශ රැසකට දින කිහිපයක සිට පවතින දැඩි සුළං, ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 2කට අධික බව සඳහන්.
නිවාස 10,000කට වැඩි සංඛ්‍යාවකට ඉන් හානි සිදුව තිබෙනවා.
එම තත්වය අසල්වැසි කෙන්යාවටද බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ.
එරට පුද්ගලයන් 32 දෙනෙකු මෙම ආපදා තත්වය හේතුවෙන් මියගොස් තිබෙනවා.
ගංවතුර හේතුවෙන් කෙන්යාවේ පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක් ලක්ෂ තුන්දහස් පන්සියයක් පමණ වන බව සඳහන්

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page