උණුසුම් පුවත්

තවත් පිරමීඩ ගනුදෙනු අටක් හඳුනාගැනේ.. තහනමට පියවර..

පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ සඳහා නීතිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවද මහ බැංකු නිවේදනයේ දක්වා තිබෙනවා.
ලද පැමිණිලිවලට අනුව සිදුකළ විමර්ශනවලදී ආයතන සහ යෙදවුම් 8ක් මහ බැංකු පනතේ 83 ඇ වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට හඳුනාගෙන ඇතැයි ද සඳහන්.
මෙම ආයතනවලට එරෙහිව එම පණත යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීම සළකාබලන ලෙසද නීතිපතිවරයා වෙත ඉල්ලීම් යොමුකර තිබෙනවා.
මේ අතර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ණය ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගාල්ල ඉමදූව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සැකකරුට එරෙහිව වාහන සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බවද සඳහන්.
එය මඟහැර සිටින එම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී තිහගොඩ පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සන්තකයේ තිබී ටැබ් පරිගණකයක්,  ජංගම දුරකථන හයක්, විවිධ බැංකු කාඞ්පත් අටක් සහ මුදලින් රුපියල් හතලිස්දහසක් පමණ පොලීස් භාරයට ගෙන ඇති බව සඳහන්.
සැකකරු විසින් ඔන්ලයින් ණය ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් ණය සේවා ගාස්තු ලෙස රුපියල් 3000 සිට 5000ක් දක්වා වූ මුදලක් විවිධ බැංකු වෙත බැර කරවාගෙන ඇති බවයි පරීක්‍ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page