දේශපාලන

පොදු ජන පෙරමුණ විනය කැඩූ අයගෙන් කරුණු විමසීමට යයි..

පක්ෂ විනය කඩකරමින් සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
ඒ පක්ෂයේ විනය කමිටුව විසින් ලබාදුන් නිර්දේශ අනුවයි.
මහාචාර්ය ජී. එල් පීරිස් , ආචාර්ය නාලක ගොඩහේවා , ඩිලාන් පෙරේරා , වසන්ත යාපා බණ්ඩාර , වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන්ගෙන් එලෙස කරුණු විමසීමට නියමිත බව සදහන්.
ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා ඊට අදාල ලිපි යොමු කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට නියමිතයි.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රමුඛ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු පසුගිය 05 වැනිදා සමගි ජන බල සන්ධානය ලෙස ගිවිසුම්ගත වුණා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page