උණුසුම් පුවත්

මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 1680 ක් වාර්තා වෙලා..

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් විසි එක්දහස් හයසිය අසූ දෙනකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා
තවද මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වයිරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් නවදෙනකු මියගොස් ඇති බවද සදහන්
අප්‍රේල් මාසයේ මේ දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් එක්දහස් හයසිය හතළිස් එක්දෙනකු වාර්තා වී තිබෙනවා
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව හත්දහස් හත්සිය අසූ එකක් බව සදහන් .
වර්ෂාවෙන් පසු ඩෙංගු ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වාදෙන්නේ
දින තුනකට වඩා වැඩියෙන් උණ පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස වෛද්‍යවරු දැනුම් දෙනවා
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ස්ථාපිත කර ඇති 011- 7 966 366 මෙම ක්ෂණික දුරකථන අංකයට සෙනසුරාදා – ඉරිදා සහ රජයේ නිවාඩු දින ඇතුළුව පෙරවරු 8.00 සිට රාත්‍රි 8.00 දක්වා ඩෙංගු රෝගය පිළිබඳව තොරතුරු දැන ගැනීමට මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැන්වීමට හැකියාව පවතිනවා

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page