දේශපාලන

ශ්‍රීලනිප තනතුරුවලින් තිදෙනෙක් ඉවත් කිරීම වලකමින් නියෝගයක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ඉවත් කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත්කර තිබෙනවා.
ඒ,කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් අතුරු තහනම් නියෝගයක නිකුත් කරමින්. ්
ස්වාභාවික යුක්ති මූල ධර්ම උල්ලංඝණය කරමින් නිසි විනය පරීක්ෂණයක් හෝ පැවැත්වීමකින් තොරව පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව මෙම තනතුරු වලින් ඉවත් කිරීමට පක්ෂය අනීතික සහ අත්තනෝමතිකව ක්‍රියා කර ඇති බවයි පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව අදාල පෙත්සම්කරුවන් කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව අප්‍රේල් 08 දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.
ඒ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් පෙත්සම් යළි කැඳවන අප්‍රේල් 08 වැනිදා විරෝධතා දැක්වීමට වගඋත්තරකරුවන්ට නියම කර තිබෙනවා.
මෙම පෙත්සම හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, වැඩ බලන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, ජේ්‍යෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, මහියංගන ආසන සංවිධායක කේ.පී. ගුණවර්ධණ යන මහත්වරුන් වගඋත්තරකරුවන් කර තිබෙනවා.
 පසුගිය මාර්තු 30 වැනිදා පක්ෂයේ විධායක සභාව රැස්වී අදාල තනතුරු වලින් ඉවත් කිරීමට තීරණය කර ඇතිබව සදහන් කරමින් එහි ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ ජේ්‍යෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර යන මහත්වරුන් විධායක සභාවේ තීරණය ව්‍යවස්ථාවට පටහැනි බව අදාල පෙත්සමෙන් පෙන්වා දී තිබුණා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page