උණුසුම් පුවත්

2026 වන තුරු දරිද්‍රතාව ඉහලින්.. මහබැංකුව කියයි..

මෙරට දරිද්‍රතා අනුපාතිකය 2026 වසර දක්වා සියයට විසි දෙකකට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බව ලෝක බැංකු වාර්තා පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙම වර්ෂයේදී සියයට 2 යි දශම 2ක මධ්‍යස්ථ වර්ධනයක් පුරෝකථනය කර ඇති බවයි ලෝක බැංකු වාර්තා සඳහන් කළේ.
කෙසේ වුවද 2022 වසරේ දැඩි ආර්ථික පසුබෑමෙන් පසු ස්ථාවර වීමේ සලකුණු පෙන්වුවද රට තවමත් ඉහළ දරිද්‍රතා මට්ටමක සහ ආදායම් අසමානතාවයට මුහුණ දී සිටින බව අනාවරණය වී තිබෙනවා.
මෙරට දරිද්‍රතා අනුපාතික අඛණ්ඩව සිවු වන වසරටත් ඉහළ ගොස් ඇති බව සඳහන්.
2023 වසරේදී මෙරට ජනතාවගෙන්  සියයට 25 යි දශම 9 ක්  දරිද්‍රතා රේඛාවට පහළ මට්ටමක ජීවත් වූ බව වාර්තා කර තිබෙනවා.
2026 වසර දක්වා සියයට 22 කට වඩා ඉහළ මට්ටමක මෙරට දරිද්‍රතා අනුපාතිකය පවතිනු ඇති බව අපේක්ෂා කරන බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.
ප්‍රමාණවත් නොවන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ඉදිරි දැක්මේ අවදානමද, මූල්‍ය අංශයේ දුර්වලතා සහ අර්බුදයේ කල්පවත්නා බලපෑම සම්බන්ධයෙන් අවදානම් පවතින බවද එහිදී පෙන්වා දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතේ යමින් පැවතියද ශක්තිමත් සහ විශ්වසනීය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සමඟ ආර්ථික අර්බුදයේ බලපෑම දුප්පතුන්ට සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට අවම කිරීම සඳහා දරන උත්සාහයන් මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ඉතා වැදගත් බව ලෝක බැංකුව අවදාරණය කරනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page