උණුසුම් පුවත්

ඇමරිකාව ටික් ටොක් තහනම් කිරීමට යයි..

ටික්ටොක් තහනම් කිරීම සඳහා අමෙරිකානු සෙනෙට් මණ්ඩලය විසින්  අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව ටික්ටොක් හිමිකරු වන බයිට්ඩාන්ස් සමාගම සඳහා අදාල මෙවලම් කොටස් විකිණීමට මාස 9ක කාලයක් ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ.
අදාල කාලය තුළ එය ක්‍රියාත්මක නොකළහොත් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කිරීමට නියමිතයි.
මෙම පනත් කෙටුම්පත කඩිනමින් අනුමැතිය සඳහා ජනාධිපති ජෝ බයිඩන් වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ඊට අත්සන් තබා නීතියක් බවට පත් කිරීමට සූදානම් බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
ටික්ටොක් තහනම සඳහා සෙනෙට් මණ්ඩලයේ 79 දෙනෙක් පක්ෂව ඇති අතර විරුද්ධව  18 දෙනෙක් සිය ඡන්දය භාවිත කර තිබෙනවා.
ඇමරිකාව තුල මිලියන 107ක් මෙම සමාජමාධ්‍ය භාවිත කරන බව සදහන්
 එය තහනම් කළහොත් ඔවුන්ගේ නිදහස් භාෂණයට ඇති අයිතියට බලපෑම් ඇතිවන බවයි බයට්ඩාන්ස් සමාගම පෙන්වා දී ඇත්තේ.
 එමගින් ව්‍යාපාර මිලියන 7කට බලපෑම් ඇතිවිය හැකි බවද එම සමාගම විසින් සඳහන් කර තිබෙනවා.
 ටික්ටොක් සමාජමාධ්‍ය මගින් වාර්ෂිකව අමෙරිකානු ආර්ථිකයට බිලියන 24ක දායකත්වයක් ලබාදෙන බවද සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page